Love and Relationships - For Men
The Program that helps you attract your dream woman and master skills every woman wants you to have
ඔබ සිත්ගත් සුන්දර කාන්තාව තමා වෙත දිනාගැනීම හා ජීවිත කාලය පුරවාට ම තමා කෙරෙහි ආදරණීය ලෙස බැඳී සිටීම පිණිස අයස්කාන්ත හා ආකර්ෂණීය පෞර්ෂ්‍යයක් ගොඩනගා ගැනීමට ඔබ පුරුදු පුහුණු කළ යුතු අත්‍යවශ්‍ය පුරුදු, පිළිවෙත් හා ඇවතුම් පැවතුම් පිළිබඳ අදාළ අවශ්‍ය දැනුම හා නිසි අවබෝධය ඔබට නිර්ලෝභී ව ලබා දෙන වැඩසටහනකි.
බොහෝ පිරිමින්, කාන්තාව හා කාන්තා ලෝකය ගැන නිවැරදි ව නොදන්නා බොහෝ දේ, එසේත් නොමැති නම්, කාන්තාව ගැන කිසි දා නොදැන සිටි හා බොහෝ විට හෙළිදරව් නො කළ රහස් බොහොමයක් මෙම වැඩසටහනේ දී ඔබට දැනගැනීමට හැකිවේවි. කාන්තාවක් සමග කටයුතු කිරීමේ දී, ඇය ඔබෙන් දුරස් වීමට හේතුවන, ඇය ඔබට අහිමි වීමට හේතුවන, ඔබ බොහෝවිට සිදු කරන බොහොමයක් අත්වැරදීම්, සමහර විට ඔබ නොදැන කරන භයානක නොපනත්කම් ගැන ඔබට මනා වැටහීමක් මෙහි දී ලබාදීමට අපි අපේක්ෂා කරමු.
සැමදා ඔබ අපේක්ෂා කළ ආකාරයේ සුන්දර කාන්තාවක ගේ සිත දිනාගැනීම අනවශ්‍ය තරඟකාරිත්වයකින් තොර ව ඉටු කරගැනීමටත්, ඇය සමග කල් පවතින බැඳීමක් ගොඩනඟා ගැනීමටත් අවශ්‍ය වන, ආත්ම විශ්වාසය මෙම වැඩසටහට සහභාගී වීම තුළින් ඔබ අනිවාර්යයෙන් ම ලබා ගනු ඇත.
ඔබ තුළ ඇති අනවශ්‍ය බිය පසෙක තබා, කිසිදු ප්‍රතික්ෂේප වීමක් හෝ විරෝධතාවකින් තොර ව, ස්වභාවික ලෙස කාන්තාවක් වෙත ළඟා වීම පිළිබඳ නිවැරදි, යථාර්තවාදී මෙන් ම වඩාත් සදාචාරාත්මක පිළිවෙත් ඔබ මෙහි දී අවබෝධ කරගනු ඇත.
කාන්තාවන් ගේ වැඩි අවධානය ලබන, ඔවුන් ගේ සිත් ගත් පුද්ගලයෙකු ලෙස ඔබ ව, සමාජයට ඉදිරිපත් කිරීම පිණිස ඔබ තුළ ආත්ම විශ්වාසය හා ආත්ම අභිමානය වර්ධනය කරගැනීමට අවශ්‍ය නිසි මඟපෙන්වීමක් මෙහි දී ඔබට ලැබෙනු ඇත.
එසේ ම, ප්‍රේමාන්විත බව, ආදරණීය බැඳීමක අන්‍යොන්‍ය වශයෙන් ගොඩනැගෙන රසායනය පිළිබඳ නිවැරදි දැනුමක් ඔබ ලබනු ඇත.
සිය ජීවිත කාලය පුරාවට ම සෙනෙහසින් බැඳුනු ආස්වාදනීය ආකර්ෂණය පවත්වා ගැනීම උදෙසා ශක්තිමත් මානසික ස්ථාවරත්වයක් ඔබ තුළ ස්ථාපිත විය යුතුයි. මෙහි දී ඔබ ලබන නිසි මඟ පෙන්වීම, දැනුම හා අවබෝධය තුළින් ඔබ එවන් සාර්ථක, සුන්දර මිනිසෙකු වීම අප ගේ අපේක්ෂාවයි.
තව ද, ඔබ දැනට සිටින, මිත්‍රත්ව කලාපයෙන් බැහැර වී, සැබෑ ප්‍රේම සබඳතාවකට අඩිතාලම දැමීමටත්, ඔබ සිත්ගත් කාන්තාව, ඔබ ඇය ගේ ආදරවන්තයා, පෙම්වතා, සහකරුවා එසේත් නොමැති නම් අනාගත ස්වාමිපුරුෂයා ලෙස ඇය විසින් පිළිගැනීම දිරිගැන්වීම උදෙසා ඔබ පසු කළ යුතු සුන්දර හා රසවත් අදියරයන් පිළිබඳ ප්‍රයෝගික යථාර්තය ඉගෙන ගන්න ඔබත් අප වෙත පැමිණෙන්න. අද ම අප අමතන්න
ළබැඳි අවවාදය යි: ඔබ සිත් ගත්, ඔබේ පෙම්වතිය වෙනත් අයෙකු හා ආදරයෙන් බැඳී, ඔබට ඔවුන් ගේ විවාහ මංගල උත්වයට ආරාධනා කරන තෙක්, කල් නොයවන්න. දැනුවත් ව උත්සහ කරන්න. කොතරම් උත්සහ කළත්, වැරදි ප්‍රවේශය ඔබට ප්‍රතිඵල ලබා නොදෙනු ඇත.
වැඩිදුර විස්තර සදහා අප අමතන්නට පසුබට නොවන්න. 071 697 8355